රජය පාස්කු ප්‍රහාර පරීක්ෂණ කඩාකප්පල් කර හැටි CID ප්‍රධානියෙක් ලෝකයටම හෙළි කරයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය පසුගිය රජය විසින් කඩාකප්පල් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව මීට පෙර කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න චෝදනා කරනවා.

ඔහු ඔස්ට්‍රේලියා ABC පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගේ භූමිකාව සැගවීමේ අරමුණින් හමුදා බුද්ධි අංශ පොලිසියට වැරදි තොරතුරු ලබා දුන් බවට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මෙහිදී අනාවරණයක් කළා.

කළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අදාළ පොලිස් විමර්ශන කඩාකප්පල් කළ දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි ABC පුවත් සේවය පෙන්වා දෙන්නේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මාස හයකට පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග තම කණ්ඩායම අදාළ විමර්ශනලින් ඉවත් කළ බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පැවසූ බවද ABC වාර්තාවේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *