සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බිත්තර මිල අඩුවනු ඇතැයි රජයේ පශු සම්පත් අංශ සඳහන් කළද මේ වනවිට බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පැවසූහ.
ඒ අනුව මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 45 – 47ත් අතර මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ බිත්තර රුපියල් 50කටත් අලෙවි කෙරේ.
ලංකා සතොස අලෙවිසල්වලද බිත්තර තොග අවසන්වී ඇති අතර, බිත්තර ආනයනය කෙරෙන්නේ ඉතා සීමිත වශයෙන් බව ලංකා සතොස සේවකයෝ සඳහන් කළහ.