බිත්තර රෝල්ස් සමඟ යකඩ කම්බි කූරු හමු වෙයි – පාන් සමඟ බියර් බෝතල් කටුත් කන්න වෙයි

යාපනයේ ප්‍රදේශ දෙකකින් පාන් ගෙඩියක් හා බිත්තර රෝල්ස් එකක් මිලට ගත් පාරිභෝගිකයින් දෙදෙනකුට වීදුරු කැබැල්ලක් හා යකඩ කම්බියක් පෙරේදා (26) හමු වී තිබේ.

යාපනයේ, චුන්නාකම් ප්‍රදේශයේ පාරිභෝගිකයකු පාන් ගෙඩියක් නි‍ෙවසට රැගෙන ගොස් එය පෙතිවලට කැපීමේදී පාන් ගෙඩිය තුළ තිබී කැබලිවලට බිඳුණු බියර් බෝතලයක ලොකු ප්‍රමාණයේ වීදුරු කටුවක් හමු වී ඇත.

යාපනයේ, මන්දාරමඩම් ප්‍රදේශයේ පාරිභෝගිකයකු වෙළෙඳසලකින් මිලට ගත් බිත්තර රෝල්ස් එකක් එම වෙළෙඳසල තුළ අනුභව කරමින් සිටිය දී ඒ තුළ තිබී අඟල් හතරහමාරක් දිග යකඩ කම්බියක් හමු වී තිබේ.

මෙම පාරිභෝගිකයින් දෙදෙනාම මේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමෙන් පසුව අදාළ වෙළෙඳසල් දෙකම වටලා තිබේ.

වෙළෙඳසල් හිමියන් දෙදෙනාගෙන් හා පාරිභෝගිකයින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළෙන්දන් දෙදෙනාට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

මෑත කාලයේ සිට යාපනයේ ආපන ශාලාවලින් මහජනතාව විසින් මිලට ගන්නා විවිධ ආහාර ද්‍රව්‍යවල විවිධ දේවල් හා අපවිත්‍ර ද්‍රව්‍ය තිබී හමු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *