මැතිවරණය ඔක්තෝබර් මාසයේ – ජුනි මාසයේ දී ජනතාවට පිට පිට සහන දෙයි

ලබන ජුනි මාසයේදී පමණ ජනතාවට සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවේ.

විදුලි බිලට ජල බිලට යම් සහනයක් ලබාදීම සහ බදු අඩු කිරීම ලබාදීමට නියමිත සහන  අතර වන බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාද  දැනටමත් ඒ සම්බන්ධයෙන් ඉඟි පළ කර ඇත.

මේ අතර මහ මැතිවරණය ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වීමට රජය බලාපොරොත්තුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *