විදුලි බිල තවදුරටත් පහළ දමයි – අඩු කරන ගාන කොමිසමට යවයි

විදුලි බිල ජනතාවට දැනෙන ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා අවශ්‍ය යෝජනාව දැනටමත් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය.

අදාළ යෝජනාවට ඔවුන් එකඟ වීමෙන් පසුව ජනතාවට විදුලි සහනය ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට එම සහනයේ ප්‍රමාණය කිව නොහැකි බවත් ඇතැම්විට ඊට වඩා වැඩි විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *