විදුලිබිල අඩු කිරීමට කිසිදු යෝජනාවක් ආවේ නෑ – මහජන උපයෝගීතා කොමිසම කියයි

විදුලි බිල සංශෝධනයකට අදාල යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී ඇතැයි, විදුලිබල හා බලශක්තී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පසුගිය පස්වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී පවසා සිටියේ ය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු, පෙබරවාරි මාසයට පෙර විදුලි බිල අඩු කිරීමට හැකිවනු ඇති බවයි.

කෙසේ වෙතත්, විදුලි බිල අඩු කිරීමට අදාල කිසිදු යෝජනාවක් මෙතෙක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලැබී නැති බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

ජනවාරි අටවන දා වන විට, එවැනි කිසිදු යෝජනාවක් ලැබී නැති බව, මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *