අලි දුම්රියේ ගැටීම වැලැක්වීමට දුම්රියේ Thermal කැමරා පද්ධති සවි කිරීමට තීරණය කරයි

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවෙන් මේ වන විට සාර්ථකව විසදුම් ලබා ගෙන තිබෙනවා.

එහිදී දුම්රිය කාලසටහන් වෙනස් කිරීමද සිදු කරන ලද අතර නියමු පර්යේෂණයක් ලෙස මාස දෙකක් ඇතුළත ආත්ර් සී ක්ලාක් අයතනයෙන් හඳුන්වා දුන් Thermal Camera පද්ධති වනඅලි වැඩිපුර ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශවල දුම්රිය කිහිපයක සවි කිරීමට තීරණය කළා.

ඒ අනුව එම කැමරා පද්ධති දුම්රියේ සවි කිරීම අද දින (11) දෙමටගොඩ දුම්රිය අංගනයේ දී සිදු වුණා. මෙම කැමරා පද්ධතිය සවි කිරීමෙන් අනතුරුව ඉදිරි සතියක කාලයක් තුළ එහි සාර්ථකත්වය අත්හදා බැලීමට කටයුතු යොදා ඇති අතර පුලතිසි දුම්රියේ දී එම අත්හදා බැලීම සිදු කිරීමට නියමිතය. එම කාර්යෙන් පසුව මෙම කැමරා පද්ධතියේ එකතු කළ යුතු නව්‍යතා පිළිබද ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි.

අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා දුම්රිය මාර්ග දෙපස සංඥා පුවරු සවි කිරීමේ කටයුතු සිදු කරන ලද අතර දුම්රිය රියදුරන් පූර්වයෙන් දැනුවත් කිරීම මෙහි අපේක්ෂාව වනවා.

ඒ අනුව අලිඇතුන් දුම්රියේ ගැටීමට විසඳුම් ලෙස දුම්රිය රියදුරු නිලධාරීන් ඒකාබද්ධතාවයෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා දීම, මෙම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් දායක විය හැකි පරිසර කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රියාමාර්ග මින් සිදුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *