ඇල්කඩුව රජයේ වැවිලි සමාගම ඉතිහාසයේ පළමු වතාවට 500% ලාභයක් වාර්තා කරයි

ඒ අනුව එහි සභාපති නිරෝෂන් කරුණාරත්න මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේ 2025 දී ආයතනය ශුද්ධ ලාභය ලෙස රු. මිලියන 87ක් ලබාගෙන ඇති බවයි.

එය 2024ට සාපේක්ෂව 500%ක වර්ධනයක් බවද සභාපතිවරයා පැවසුවා.

මීට පෙර 2022 වසරේදී මිලියන 70ක ලාභයක් ලබා ඇති නමුත් ඒ වන විට රුපියලට සාපේක්ෂව ඩොලරයේ ඉහළ යාම බලපෑ බව ඔහු පැවසුවා.

එමෙන්ම වසර 4කට පසු තේ වතු සඳහා පොහොර දැමීමද ගිය වසරේ සිදුකර තිබේ.

ඇල්කඩුව වැවිලි සමාගම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සම්පූර්ණ රජයේ සමාගමකි.

මේ වන විට ආයතනයේ කටයුතු ඩිජිටල්කරණය කර ඇති බවද සභාපතිවරයා පැවසුවා.

අමාත්‍යාංශය යටතේ තවත් ව්‍යාපෘති කිහිපයක ක්‍රියාත්මක කර තිබෙන අතර ඒවායෙහි ප්‍රතිලාභද ඉදිරියේදී ලැබෙනු ඇතැයි සභාතිවරයා තවදුරටත් සදහන් කළා.

ආයතනයේ මූල්‍ය ශක්තිය වැඩිවීමත් හේතුවෙන් වතු ප්‍රජාවගේ සනීපාරක්ෂක කටයුතු දියුණු කිරීමටද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රජය විසින් වතු කම්කරු වැටුප් වැඩිකිරීම හේතුවෙන් වතු සේවකයින් රැකියාවට පැමිණීමේ වර්ධනයක් ද පෙන්නුම් කරන බවද සභාපතිවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *