ඇල්ල ඔඩිසි එක් ගමන් වාරයකින් ලක්ෂ 7 ලාභයක් ලබයි

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් සම්බන්ධ වංචනික ක්‍රියා නවතා දැමීම සඳහා එක් පුද්ගලයෙකුට ටිකට් පත් පහක් පමණක් ලබා දීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා මහතා සඳහන් කළේය.

ටිකට්පත් ලබාගත් පිරිස්ම දුම්රියේ ගමන් කරනවාද යන්න පරීක්ෂා කරන බවත් ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත්  වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ සිදුකරන බවත් හෙතෙම පැවසීය.

ඇල්ල ඔඩිසි දුම්රිය මගින්  එක් ගමනකින් රුපියල් ලක්ෂ හතක පමණ ලාභයක් ලැබෙන බවද ඊයේ (27දා) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *