කොළඹ සිට බදුල්ල දක්වා ‘Ella Weekend Express’ නමින් නව සුඛෝපභෝගී දුම්රියක්

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ‘Ella Weekend Express’ නමින් නව සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නව දුම්රිය සේවාව අගෝස්තු 16 වන දා සිට ක්‍රියාත්මක කරන බවත් එහි ආසන 350කින් සමන්විත බවත් ය.

ඒ අනුව, මෙම සේවාව සෙනසුරාදා දිනවල උදෑසන 5:30ට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන අතර ඉරිදා රාත්‍රී 9:00ට බදුල්ලෙන් කොළඹ බලා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

සංචාරයකයින්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *