දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා සති අන්තයේ ධාවනය වන Ella Weekend Express නව දුම්රිය අද (16) සිට ධාවනයට එක්කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ ස්වාභාවික පරිසරයේ සුන්දරත්වය නරඹමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බවයි.
ඒ හේතුවෙන් මෙම නව දුම්රිය ධාවනයට එක් කර ඇත.
ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් සඳහන් කළේ අද (16) සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 5.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ හෙට (17) සිට සෑම ඉරිදා දිනකම පස්වරු 1.45ට බදුල්ල සිට කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය කරන බවයි.