Elon Musk මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව සඳහන් වෙනවා.
ඒ සිය ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව දියත් කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුවයි.
කෙසේ වෙතත්, Elon Musk ශ්‍රී ලංකා සංචාරයේ නිශ්චිත දිනයන් මෙතෙක් නියම කර නොමැති බව සඳහන්.
ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය Elon Muskගේ කණ්ඩායම සමග සම්බන්ධ වී කටයුතු කරනු ඇති බවද මෙහිදී වාර්තා වනවා.
ස්ටාර්ලින්ක් (Starlink) සේවාව ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම සඳහා Elon Musk විසින් අයදුම්පතක් එවා තිබෙන අතර එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනාධිපතිවරයා එකඟවී තිබෙනවා.
මෙවැනි අන්තර්ජාල සේවාවක් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කිරීමට ඉවහල් වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.