මුළු රටම හදිසි ආපදාවකට සූදානම් වෙයි – හෙලිකොප්ටර් 03 සූදානම් කරයි

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා හෙලිකොප්ටර් යානා තුනක් සීරුවෙන් තබා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.

හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහා ගලවා ගැනීමේ භට කණ්ඩායම්ද සූදානම් කර තිබෙන අතර, එවැනි හදිසි තත්ත්වයක් ඇති වන ඕනෑම ප්‍රදේශයක් වෙත තම භට කණ්ඩායම් කඩිනමින් ළඟා වන බවත්, මුදාගැනීමේ කටයුතු සඳහා මේ හෙලිකොප්ටර් යොමු කරන බවත්ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා දිනමිණට පැවසීය. ඒ අනුව කටුනායක, රත්මලාන සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මේ හෙලිකොප්ටර් ස්ථානගත කොට ඇති අතර, ඒ සඳහා බෙල් 212 යානා 2ක් සමඟ එම්.අයි.17 යානයක් සූදානම් කොට තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් සිදු කරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවාගැනීමේ ගුවන් භට පිරිස් සූදානමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *