BanVsSL තරගයෙන් පසු Star Sports ක්‍රිකට් විස්තර විචාරක වැඩසටහන මෙහෙය වූ නිවේදකයා කියනවා
” මට දැන් සන්ජෙ සර් වයස 34යි.මම ක්‍රිකට් ක්‍රීඩාව බලන්න ගත්තෙ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සෙල්ලම් කරනවා දැකලා ආසා හිතිලා ඉස්සරහ ක්‍රිකට් වල දකුණු අප්‍රිකා, ඉන්දියා, ඔස්ට්‍රේලියා, ශ්‍රී ලංකා තරග කියන්නෙ වෙනම ලෙවල් එකක තරග අපි හරි ආසාවෙන් බැලුවෙ.
තව දෙයක් තමා ඉස්සරහ ලෝක කුසලාන තරගාවලි වල ශ්‍රී ලංකාවට, ඔස්ට්‍රේලියාවට අවසන් පුර්ව තරග වෙන් කරලා තිබ්බෙ විචාරකයින්. මොකද ඔවුන් ඒ තරමට භායනකයි.
අපේ ගෙදර පවුලේ අය ක්‍රිකට් බලන කාලේ සන්ජේ සර් අපි බලන් ඉන්නෙ සනත් ජයසුරිය out වෙනකම් මොකද එයා කඩුළුල්ලෙ හිටියා කියන්නෙ අපි පරාදයි.
අපේ ගෙදර අය දෙවියන්ට පවා ප්‍රාර්ථනා කරනවා එ දවස් වල ජයසූරිය ඉක්මණින් out වේවා, මුරලි, වාස්ට විකට් යන්න එපා කියලා මොකද එයාලාට ලකුනු, විකට් ගියා කියන්නෙ මැච් එක පරාදයි.
මම අවුරුදු 17ක් වෙනකම්ම ක්‍රීඩාවක් විදිහට කළේ ක්‍රිකට් ගහන එක. එ කාලෙ අපේ ස්කොලේ, ගමෙ අය අනුකරණය කරන්නෙ සනත් ජයසුරිය, මුරලි, බ්‍රේට්ලි වගෙ අයගෙ ක්‍රීඩා විලාශයන්.
එ වගෙ භයානක කණ්ඩායමක් අද යාර 30න් එහාට පහරක් ගහන්න බැරි තත්ත්වයක ඉන්නවා දැකිම කණගාටුදායක කරුණක්. මම හිතන්නෙ සන්ජේ සර් ශ්‍රී ලංකා ක්‍රිකට් යුගය දැන් ඉවරයි. ඔවුන්ව දැන් පහසුවෙන්ම පරාජය කරන්න පුලුවන් රටක් වෙලා.
ඉස්සරනම් ශ්‍රී ලංකා තරගයක් කියන්නෙ අන්තිම පන්දුවාරය දක්වා විශ්වාස කරන්න බැ කවුරු දිනයිද කියලා. දැන්නම් ගහන්න කලින් කියන්න පුලුවන් ශ්‍රී ලංකාව පරාදයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම ඇහෙද්දි දැනුන භයානක හැගිම අපිට දැන් දැනෙන් නැ.. ඔවුන්ගේ ක්‍රිකට් දැන් කල්ඉකුත් වී අවසන් වෙලා කියලා මටනම් හිතන්නෙ..”
![]()
![]()