ඉංජිනේරුවා කඩ කාමරයක් ඇතුළේ සිය දිවි නසා ගනියි

ගලෙන්බිඳුණුවැව, හතර ඇළ, ගෝමරන්කල්ල ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 37ක ඉංජිනේරුවරයෙක් බවයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගැනීමට පෙර ඊයේ (15) උදෑසන තම ෆේස්බුක් ගිණුමේ සුදුකොඩියක ඡායාරූපයක් ද පළකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය දුටු ඔහුගේ මිතුරන් සහ ඥාතීන් මේ සම්බන්ධයෙන් සොයාබැලීමේ දී ඔහුගේ නිවස ඉදිරිපිට ඇති කඩකාමරයේ එල්ලී සියදිවි හානිකරගෙන තිබිය දී සොයාගෙන තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමටයි ඥාතීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇති අතර, ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *