ETF සාමාජික දරුවන්ගේ වෘත්තීය පුහුණුවට රු. 50,000 ක් දෙයි

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ පාසල් දරුවන්ට වෘත්තීය පාඨමාලාවන් හැදෑරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමට එම මණ්ඩලය පියවර ගෙන ඇත.

මෙම මුදල් ප්‍රතිපාදන ලබා දීමට තෝරා ගනු ලබන්නේ උසස් පෙළ අසමත් වූ දරුවන් බව එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) නිහාල් ප්‍රසන්න පැවැසීය.

ඒ අනුව එක් සිසුවකුට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් පනස්දහසක මුදලක් ලබා දෙන බවද සහකාර සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මේ සඳහා උසස් පෙළ අසමත් වූ දරුවන් පමණක් තෝරා ගැනීමට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ එම දරුවන් සමාජයේ පිළිනොගන්නා රැකියා සඳහා යොමු වීම වැළැක්වීමට සහ නීති විරෝධී කටයුතු සඳහා යොමු වීම වැළැක්වීමට බවත්ය.

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් මෙම පාඨමාලාවන් නියාමනය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *