යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (13) පස්වරුවේදී ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් විය.
එසේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety bill) පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
මෙම හමුව සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් (Lars Bredal) මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද එක්ව සිටියහ