සුරා බදු ලොක්කෙක් දූෂණ චෝදනා මත ඉවත් කරන්න යයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළම නිළධාරියෙකු, ඔහුට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා මත පදනම්ව ඉවත් කිරීමට රජය සූදානමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල ඉහළ නිළධාරියා, මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ගෙන ඇති බවට රජය සතුව තොරතුරු පවතින බව පුවත්පත වැඩි දුරටත් පවසයි.

විශේෂයෙන්ම, මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර සම්බන්ධ ගැටළු පැනනගින් අවස්ථාවල දී එකී ඉහළ නිළධාරීයා, එම ගැටළු විසදීම සදහා අල්ලස් වශයෙන් මුදල් ලබාගෙන ඇති බව පැවසේ. එසේම, ඇතැම් සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි වී යාමේ තත්ත්වයක් උදා වූ විට, එම අවස්ථාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් සමාගම්වලින්ද ඔහු අල්ලස් ගෙන ඇති බව පැවසේ.

එකී ප්‍රධානියා විසින් නීති විරෝධී ආකාරයට උපයාගෙන ඇති ධනය සහ ඔහු සතු දේපළ පිළිබදව පරීක්ෂා කිරීම මේ වන විටත් අරඹා ඇති අතර, ඒ මගින් අදාල දූෂිත නිළධාරියා ඉවත් කිරීමට රජය කටයුතු- කරමින් සිටින බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *