මධ්‍යම සහ ඌව කඳු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායම් යොමු කරයි

මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්‍රිත ගම්මාන වල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ගේ හිඟයක් පවතින හෙයින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද මෙම කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව ජල සම්පාදන මණ්ඩලය සහ විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතනවල නිලධාරීන්ද මේ කටයුතු සඳහා සම්බන්ධ කරගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

ආරක්ෂාව තහවුරු කිරීමෙන් තොරව අදාළ ප්‍රදේශවලට ජනතාව යොමු නොකරන බවද ඔහු කීවේය

බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *