අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන හැටඑක්ලක්ෂ එක්දහස් තුන්සිය හැත්තෑ හතරක ණය මුදලක් ලබාගෙන ඇති අතර පොලිය හැර මෙකී ණය මුදල ගෙවීම සඳහා වසර 171කට අධික කාලයක් ගතවන බව අනාවරණය වී ඇත.
අධිවේගී මාර්ග පද්ධතියේ සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3560.62කි. ඒ අනුව ණය හා පොලී ගෙවීම මෙම අධිවේගී මාර්ග ආදායමින් ආවරණය කර ගැනීමට නොහැකි බව විගණනයේ දී අනාවරණය වී ඇත.
නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙහෙයුම් වියදම අඩුකිරීම සහ ආදායම තවදුරටත් වර්ධනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.