අධිවේගී මාර්ග පද්ධතියෙන් ලැබෙන ආදායම විවිධ උපක්‍රම භාවිතකර සාවද්‍ය පරිහරණයන්ට සහ වංචාවන්ට ලක්කර තිබු නමුත් ඒ සඳහා වගකිවයුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හදුනාගෙන විනයානුකුලව කටයුතු කිරිමට අධිවේගි මාර්ග කළමණාකාරිත්වය විසින් කටයුතු කර නොතිබු බව අනාවරණය වි ඇත.
2019 වර්ෂයේ නොවැම්බර් මස සිට 2024 වර්ෂයේ ජුලි මස දක්වා වු වසර හතරකුත් මාස 09ක කාලයක් තුල අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළත්වු වාහන දහතුන්කෝටි, තිස්අටලක්ෂ, හතලිස්දහස් දෙසියදහ තුනක් (133,840,213) සදහා ඇතුළවිමේ ප්‍රවේශ ටිකට් පත් නිකුත්කොට තිබුණි. එම කාලය තුල මින් වාහන එක්කෝටි, අසුදෙලක්ෂ,අනුඑක්දහස්,හාරසියතිහක් (18,291,430) සදහා පිටවිමේ ටිකට්පත් නිකුත්කර නොතිබු බව විගණනය මගින් පෙන්වා දි තිබුණි.
මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවට අනුව මෙම කාලය තුළ අධිවේගි මාර්ගයන්හී ගමන්කළ එක් වාහනයකින් අයකළ සාමාන්‍ය ගාස්තුව පදනම්කරගෙන සිදුකළ ගණනය අනුව අධිකාරියට අහිමිවු ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 4,614.47කි. දෛනිකව ආදායම අහිමිවිම රුපියල් මිලයනයකි.