අධිවේගී මාර්ගවල ප්‍රවේශ පත්‍ර කවුළුවලට පොලිසිය හා හමුදාව යොදවා ප්‍රවේශ පත්‍ර නොදී කප්පම් ගන්නා ආකාරයෙන් නීති විරෝධී ලෙස මුදල් අය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
අධිවේගී මාර්ගවල සේවය කරන මුදල් අය කරන්නන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටියදී ඊට විසදුස් නොදී නීති විරෝධී ලෙස රජය විසින් හමුදාව හා පොලිසිය යොදා මුදල් අය කරමින් සිටින බවද ඔහු පැවසීය.
මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් ආරක්‍ෂක නිල ඇඳුම් අවභාවිතා කරමින් මුදල් එකතු කල නොහැකි බවත් ඔහු සඳහන් කරයි.