ව්‍යාජ බලපත්‍ර සහිත වාහන තොගයක් සමාන්‍ය ජනතාව භාවිත කරනවා – සියල්ලම සොයා රාජසන්තක කරන්න යයි

නීති විරෝධී ආකාරයෙන් අමතර කොටස් වශයෙන් මෙරටට ආනයනය කර පසුව එකලස් කළ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම වාහන තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 70,000 ඉක්මවන බව අනාවරණය වී ඇත.මෙම රථවාහන දැනට සාමාන්‍ය ජනතාව භාවිත කරන අතර ඒවා ඉදිරියේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට නියමිත බව පැවසේ.

පාවිච්චි කළ රථ වාහන මිල දී ගැනීමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කළ වාහනද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්ගේ වගකීමක් බව අමාත්‍යවරයා සඳහන් කළ අතර එවැනි රථ වාහන සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස මහජනතාවගේ ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *