බොරු මරිසිකාරයන්ට අහු නොවී හැංගුණ ලෙඩ නැති වාහනයක් ගන්න හැටි දැනුවත් වෙමු

ඉතින් මෙහෙම ටිකෙන් ටික එකතු කරලා ගොඩ ගහගත්තු මුදල අරගෙන වාහනයක් ගන්න යනකොට මේ තරුණ තරුණියන්ට නොයෙකුත් ඇබැද්දිවලට මුහුණපාන්නත් සිද්ධ වෙනවා. ඒ ගැටලුවල ස්වරූපය විවිධාකාරයි. නමුත් අවසානයේ සිද්ධ වෙන්නේ තමන්ගේ දහඩියෙන්, මහන්සියෙන් හම්බ කරලා එකතු කරගත්ත සල්ලි ටික ගඟේ මුහුදෙ දැම්මා වගේ වැඩක්. මොකද මේ වාහන ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විවිධ මාෆියාවන් සිද්ධ වෙනවා. තමන් ආසාවෙන් ඉතුරු කරගත්ත රුපියල් සත ටික අරගෙන වාහනයක් ගන්න එන තරුණ තරුණියන්ව මුළා කරලා තමන්ගේ මඩිය

තර කරගන්න බලාගෙන ඉන්න මිනිස් වෙස් අරගත්තු නොමිනිසුන් මේ ක්‍ෂේත්‍රය ඇතුළේ වැහි වැහැලා ඉන්නේ. තමන්ගේ ගෙවන මුදලට නිසි වටිනාකමක් ලැබෙනවා විතරක් නොවෙයි. සමහර වෙලාවට වෙනත් කරදරවලට පවා පැටලෙන්න මේ තරුණ තරුණියන්ට මේ නිසා සිද්ධ වෙනවා. කොටින්ම කිව්වොත් වාහනයක් ගන්න යනවා කියන්නෙම දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ වැඩක්. මෑතකදී සිද්ධ වුණ වාහන මිල පහළ බැසීමත් එක්කම වාහනයක් ගන්න යන කොල්ලො කෙල්ලො දැනගන්න අවශ්‍ය කරුණු කිහිපයක් ගැන පැහැදිලි කරන්න අපි තීරණය කළේ අන්න ඒ නිසාමයි.

අලුතින් වාහනයක් මිලදී ගන්න යන කෙනෙක්ට වාහනයක් හොයාගන්න තියෙන ක්‍රම ගොඩක් තිබෙනවා. ඒත් අද කාලයේ  නම් බහුලවම භාවිත වෙන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස්. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස්වලින් වාහනයක් මිලදී ගන්න යන කෙනෙක්ට මුහුණ දෙන්න වන එක දුෂ්කරතාවක් තමයි ඒවායේ භාවිත වන වචනවල නිවැරදි තේරුම නොදැන සිටීම. බහුතරයක් කූට ව්‍යාපාරිකයෝ අලුතින් වාහනයක් ගන්න එන පුද්ගලයන්ව මුළා කිරීමට මෙම වචන ඉතාමත්ම සටකපට ආකාරයට පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු වාහන ව්‍යාපාර ලෝකය ඇතුළේ භාවිත වන වචන කිහිපයක් සහ ඒවායේ ඇත්තම තේරුම් මොනවද කියලා.

Mint Condition – ඉතාමත් හොඳ තත්ත්වයෙන් තිබෙන වාහනයක්. කොටින්ම කියනවා නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් තරමටම උසස් තත්ත්වයෙන් තිබෙන වාහන mint condition කියලා හ¾දුන්වනවා. හැබැයි වාහනයකට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේත් සිද්ධ වෙලා තියෙන වාහනයකටත් බොහොම වංචා සහගත විධියට මේ වගේ ලේබලයක් ගහලා තිබෙන්නත් පුළුවන්.

Company Maintained – නියමිත කාලයට, නියමිත කිලෝමීටර් ගාණට සර්විස් කරපු වාහන මේ විදියට හ¾දුන්වනවා.

Genuine Milage – වාහනය ධාවනය කරපු ඇත්තම දුර ප්‍රමාණය මීටරයේ සඳහන් වී තිබෙන වාහන මේ නමින් හ¾දුන්වනවා. නමුත් හොරාට මීටරය කරකවපු වාහනත් මේ විදියට විකුණන ඕනෑ තරම් මිනිස්සු ලංකාවේ ඉන්නවා.

First Owner – වාහනයේ අයිතිය පළමුවැනි අයිතිකරු සතුවම පවතින වාහන මේ විදියට හ¾දුන්වනවා. හැබැයි ඒ අතරතුර අදාළ කෙනාගේ නමින් කිහිපදෙනෙක් පාවිච්චි කරපු වාහනත් තිබෙනවා. එහෙම පාවිච්චි කරපු කෙනෙක් සිද්ධ කරපු වරදකට වර්තමාන අයිතිකරු වෙන ඔයාට වගකියන්න වෙන්න පුළුවන්.

Unique Ride- කලාතුරකින් දකින්න ලැබෙන වාහන මේ නමින් හ¾දුන්වනවා. ස්පෙයා පාර්ට්ස් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු දෙයක්. කොටින්ම කිව්වොත් ස්පෙයා පාර්ට්ස් ඇත්තේම නැති තරම්.

One of the Four Cars Available in Sri Lanka – ලංකාවටම තියෙන්නේ මේ වර්ගයෙන් වාහන සුළු ප්‍රමාණයක් පමණයි. මේ වගේ වාහනයක් මිලදී ගන්න කෙනෙක්ට අයිති වෙන්නෙත් unic ride වාහනයක් මිලදී ගත් කෙනෙක්ට අත්වූ ඉරණමමයි. ස්පෙයාර් පාර්ට්ස් සෙවීම ඉතාමත් දුෂ්කරයි. තියෙන ස්පෙයා පාර්ට්ස් ඉතාමත් මිල අධිකයි වගේම සමහර ස්පෙයා පාර්ට්ස් විදෙස් රටවලින් ආනයනය කිරීමට පවා සිද්ධ වෙනවා.

Doctor Owned – වෛද්‍යවරයකු පාවිච්චි කරපු වාහන මේ විදියට හ¾දුන්වනවා. ඒත් බොහෝ විට බාස්ලා පෙර අයිතිකරුව මුළාකොට අටවා දැමූ වාහනයක් වීමට ඉහළ සම්භාවිතාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි බොහොමයක් වෙලාවට එන්ජින් ඔයිල් මාරු කිරීමත් නියමිත වෙලාවට සිද්ධ වෙලා නෑ.

Used by Car Enthusiastic – මේ විදියට හ¾දුන්වන්නේ වාහන පිළිබඳව අධික උනන්දුවක් සහිත පුද්ගලයෙක් පාවිච්චි කරපු වාහන.

New Hybrid Battery – බැටරිය අලුතින් දැමූ හයිබි්‍රඩ් වාහන මේ විධියට හ¾දුන්වනවා.

Used as Second Car – ප්‍රධාන කාර්යයන් සඳහා භාවිත නොකර අතිරේක ගමන් බිමන්වලට පමණක් යොදාගත්ත වාහන මේ විදියට හ¾දුන්වනවා.

Owner Migrating – අයිතිකරු විදේශගත වීම නිසා විකුණනු ලබන වාහන මේ නමින් හ¾දුන්වනවා. විදෙස්ගත වීමෙන් පස්සේ මිලට ගත් පුද්ගලයා සමඟ සබඳතාව අවසන් වන බැවින් බාගෙට ඇටවූ වාහනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

New Battery – වාහනය විකිණීමට පෙර බැටරිය අලුතින් යොදලා තිබෙන වාහන මේ නමින් හ¾දුන්වනවා. සමහරවිට වාහනයේ සිදුකරපු එකම නඩත්තු කිරීමත් ඒකම වෙන්න පුළුවන්.

Selling due to Upgrade – අයිතිකරුට නව වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය නිසා විකුණනු ලබන වාහන මේ විදියට හ¾දුන්වනවා.

New Body Fitted – අලුත් බොඩියක් තබා ඇති වාහන මේ නමින් හ¾දුන්වනවා.

Need Some Mechanical Works – වාහනයේ යම්කිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකළ යුතුව පවතින වාහන මේ විදියට හ¾දුන්වනවා. ඒත් එන්ජිම ගොඩදාන්න වාහනය මිලට ගන්නා මුදලට වඩා මුදලක් වියදම් කරන්න සිද්ධ වෙන්නත් පුළුවන්.

Lawyer Owned – නීතිඥවරයකු පාවිච්චි කරපු වාහනවලට තමයි මේ ලේබලය ගහන්නේ.

Lady Used – කාන්තාවක් පාවිච්චි කරපු වාහන මේ විදියට හ¾දුන්වනවා. හැබැයි ලංකාවේ ඉන්න බහුතරයක් කාන්තාවන්ගේ රිය පැදවීමේ හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන  නෑනේ. වාහනය ගන්නවා නම් බොඩි කිට් එක විතරක් නෙමෙයි එන්ජින් ගියර් බොක්ස් එහෙමත් හොඳට බලලා ගන්න. හැබැයි පරිස්සමට වාහන පදින කාන්තාවනුත් ඉන්නවා කියලා මතක තියාගන්න.

12KM Per Liter – මේ විදියට හ¾දුන්වන්නේ ඉන්ධන ලීටරයට කිලෝමීටර් 12ක් ධාවනය කරන්න පුළුවන් වාහන.

Partially Repainted – මේකෙන් අදහස් කරන්නේ වෙනම කොටස් වශයෙන් පේන්ට් කරලයි තිබෙන්නේ කියලා. මේ වගේ වාහනයක් අනතුරකට භාජන වුණු වාහනයක් වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා මිලදී ගන්න කලින් හොඳින් වාහනය පරීක්ෂා කරලා ගන්න.

amily Used – පවුලේ පාවිච්චිය වෙනුවෙන් යොදාගත්ත වාහන මේ විදියට හ¾දුන්වනවා.

Never Been Off Road – තියන රථගායට ගස් ගල් උඩ පැදපු නැති වාහනයක් කියලා තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මාර්ගවල විතරක් පැදපු වාහනයක් කියලා.

Urgent – හදිසි තත්ත්වයක් මත ඉක්මනින්ම විකිණීමට අවශ්‍ය කරන වාහනයක්. අයිතිකරුට මුදල් හදිස්සියක් හින්දා මෙහෙම විකුණනවා වෙන්න පුළුවන් වගේම වාහනය මොකක් හරි වැරැද්දකට පැටලුණ නිසා විකුණනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ වාහනයක් මිලට ගන්න කලින් හොඳට හොයලා බලන්න.

කොහොමහරි වාහනයක් තෝරාගෙන හා හා පුරා කියලා ඒක බලන්න ගියාට පස්සේ මුලින්ම වාහනයේ බලන්න ඕන දේ තමයි වාහනයේ බඳේ හරි, එන්ජිමේ හරි ඕනෑම තැනක දිරලා ගියපු තැන් තිබෙනවද කියන එක. මුහුදුබඩ ප්‍රදේශක තිබුණු වාහනයක් ගන්න යනවා නම් ඒ දේ විශේෂයෙන්ම බලන්න. මොකද වාහනයේ පොඩි හරි දිරපු තැනක් තිබුණොත් ඒක පිළිකාවක් වගේ වාහනය පුරාම පැතිරෙන්න පුළුවන්. ඒ වගේම වාහනයේ ලියකියැවිලි ගැනත් හොඳට හොයලා බලන්න. විශේෂයෙන්ම ඕපන් පේපර්ස් තියෙන වාහන ගන්නකොට ගොඩක්ම සැලකිල්ලෙන් කටයුතු කරන්න. වාහනයක් ගන්න යනකොට ඒ ගැන විශේෂඥ දැනුමක් තිබෙන කෙනෙක් එක්ක යන එක ගොඩක්ම නුවණට හුරු වැඩක් වේවි.

ඉතින් මේ දවස්වල වාහන මිලේ සිද්ධ වුණු අඩු වීම නිසා ඔයාගේ වාහන හීනෙට තියෙන දුර යම්තාක් දුරකට අඩු වුණා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා කලබල වෙලා වාහන ගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් අවුරුදු ගාණක් තිස්සේ ඔයා දැකපු ලස්සන හීනේ එක මොහොතකින් නපුරු හීනයක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා වාහනයක් ගන්න කලින් අපි ලිපියේ ඉහළින් සඳහන් කරපු කරුණුත් සලකා බලලා බුද්ධිමත්ව කටයුතු කරන්න. එහෙනම් ළඟදීම සැබෑ වෙන්න යන ඔයාගේ වාහන හීනෙට ‘යං’ අපි, අපේ හදවතින්ම සුබ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *