පවුල් ලක්ෂ පනස් හතකට අයත් දෙමව්පියෝ, සිය දරුවන් උපකාරක පන්ති යැවීම සදහා රුපියල් බිලියන 121 ත් 122 ත් අතර මුදලක් වාර්ෂිකව වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසයි.
දෙහිඕවිට ප්‍රදේශයේ පාසලක පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා පැවසූවේ, වත්මන් අධ්‍යාපනයේ පවතින තරගකාරී ස්වභාවය අනුව, සමස්ත පාසල් අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදලින් 30% ක පමණ මුදල් ප්‍රමාණයක් දෙමව්පියෝ සිය දරුවන් උපකාරක පන්ති යැවීම සදහා වැය කරන බවයි.
ඒ අනුව, මේ වන විට උපකාරක පන්ති ගාස්තු, පවුලක අත්‍යවශ්‍ය වියදමක් වී ඇතැයි අමාත්‍යවරයා පවසයි.
දරුවන් උපකාරක පන්ති යැවීම සදහා පවුලක් දළ වශයෙන් මාසිකව රුපියල් විසි දහසක මුදලක් වැය කරන බව අමාත්‍යවරයා පවසයි.