වාරික නැතත් ගොවි ජනතාව සඳහා වගා රක්‍ෂණය යළි සක්‍රීය කරයි

කිසිදු වාරික මුදලක් අයකිරීමකින් තොරව මෙරට ගොවි ජනතාව සඳහා වගා රක්‍ෂණ ක්‍රමවේදය යළි සක්‍රීය කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය කටයුතු කර ඇත. ගොවි ජනතාව වගා කටයුතුවල පූර්ණකාලීනව නිරත කිරීමේ පරමාර්ථය ඇතිව මෙම රක්‍ෂණ ක්‍රමවේදය යළි සක්‍රීය කර ඇති බවත්, ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.

ඒ අනුව වී, බඩඉරිඟු, ලොකු ලූනූ, අර්තාපල්, මිරිස් සහ සෝයා යන වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්‍ෂයක උපරිමයට යටත්ව නියඟය, ගංවතුර සහ වනඅලීන්ගෙන් සිදුවන වන වගා හානි සඳහා වන්දි ගෙවීම් සිදුකරන බවද සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *