පිය පුතු වලියෙන් ඇඟිලි දෙකක් – කණක් අහිමි වෙයි

පල්ලම  විල්පොත ප්‍රදේශයෙ සාදයකින් පසු  පිය පුතු දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් පියාගේ කනක් කැපි ගොස් ඇති බවත් පියා එල්ල කල ප්‍රහාරයකින් පුතාගේ ඇගිලි දෙකක් කැපි එල්ලෙමින්   මුන්දලම රෝහලට ඇතුලත් කිරීමේන් පසු හලාවත මහ රෝහලට වැඩි දුර ප්‍රථිකාර සදහා මාරු කර යවා තිබු බව පල්ලම පොලිසිය කියයි.

විල්පොත ප්‍රදේශයෙ නිවසක පැවති සාදයකින් පසු නිවසට පැමිණ ඇති 56 හැවිරිදි පියා නිදා සිටියදි පුතා විසින් පොල්ලකින් පහර දි ඇති අතර එහිදි පියාගෙ එක් කනක් දෙකට වෙන්වන ලෙස කැපි ගොස් ඇති බව කියයි.

ඒ සමග අවදි වු පියා තම අතට අසුවු විසි කැත්තක් රැගෙන පුතාට පහර දී ඇති අතර එහිදි විසි කැති ප්‍රහාර වැලැක්විමට පුතා උත්සහ කිරිමේදි ඇගිලි දෙකක් කැපි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *