දේශබන්දු ඉවත් කිරීම නීතිය සැමට එක සමාන බව තහවුරු කරන්නක් – සිරිල් ගාමිණී පියතුමා කියයි

පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී  පැවසූහ.

රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් ඇතුළු ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් තවදුරටත් මෙසේද කීවේය.

“දේශබන්දු තෙන්නකෝන් මහතාට තිබූ චෝදනා සම්බන්ධයෙන් චෝදනාපත්‍රයක් භාරදීලා ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් එම චෝදනා විමර්ශනය කළා.  ඒ චෝදනාවලින් වැඩි ප්‍රමාණයකට ඔහු වැරදිකරු බවට වන වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා.  

එහි ඉදිරි පියවර විදියට පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහු ඉවත් කිරීමේ යෝජනාව සම්මත කරගත්තා. ඒ අනුව  එම ප්‍රතිපාදන නිවැරදිව අනුගමනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *