ප්‍රසූතියේදී මව අසල පියාටත් ඉන්න දුන් පසු දරු ප්‍රසූතියට කාසල් රෝහලේ ලියා පදිංචිවන මව්වරුන් ගණන වැඩි වෙයි

කාසල් කාන්තා රෝහල තුළ දරුවන් බිහිකරන අවස්ථාවේදී එම මව අසල පියාටද රැඳී සිටීමේ අවස්ථාව ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ  කිරීමත් සමඟ දරු ප්‍රසූතිය සඳහා අලුතින් ලියාපදිංචිවන මව්වරුන්‍ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පැවසුවේය.

මේ වන විට කොළඹින් බැහැර ප්‍රදේශයන්ගේ පදිංචි දරු ප්‍රසූතිය සඳහා සිටින  මව්වරුන් විශාල වශයෙන් රෝහලේ ලියා පදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දීමට පටන් ගෙන ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.

මුල සිටම සායනයේ ලියාපදිංචිවන මව්වරුන්ගේ ස්වාමියාට  එම අවස්ථාව හිමි වන බැවින් මව්වරුන් මුල් අවස්ථාවේදීම ලියා පදිංචි වීම වැඩි වී ඇතැයි   හෙතෙම පැවසුවේය.

දිනකට දරුවන් 30 දෙනෙකු රෝහල තුළ බිහිකරන  බැවින්  එම දරුවන් ප්‍රසූතකර අවස්ථාවේදී පියවරුන් ද රෝහල තුළ රැදී සිටිම හේතුවෙන් ඔවුන්ට නවාතැන් ගැනීම හා වැසිකිලි පහසුකම් ලබා දීම මේ වන විට ප්‍රශ්නයක් වී ඇති බැවින්  රෝහල තුළ  එම පහසුකම් ලබා දීමට අවශ්‍ය ගොඩනැගිල්ලක් හා වැසිකිලියක් ඉදිකර දීමට හැකි  පරිත්‍යාගශීලින් සිටින්නේ නම් ඒ බව දැනුම් දෙන මෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *