බස්නාහිර පලාත් සභාවට අයත් විස්පෝ මුද්‍රණාලයේ සිදුවූවා යැයි කියන රුපියල් දෙකෝටි හැටපන්ලක්ෂයක වංචාවකට අදාලව ප්‍රධාන සැකකරු වන 2015 සිට ගබඩා පාලකවරයෙකු ලෙස සිටී.ලොකුබාහිටිගේ දිල්ෂාන් විජේසිංහ විදේශගත සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද අධිකරණයට(20) ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර තිබේ.
බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ විමර්ෂණය කරන FCCID වෙත විස්පෝ මුද්‍රණාලයේ වර්තමාන විධායක අධ්යක්ෂ ශාන්ත පෙරේරා මහතා කළ පැමිණිල්ලකට අනූව (2024 අප්‍රේල්) අපරාධ පරීක්ෂණ කොට්ඨාසය CI සංජීවනි ධර්මලතාගේ FCCID අංශ 01 යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (SI) සරත් කුමාර හේරත් මහතා විමර්ෂණය ආරම්භ කරන ලදි.
මෙම රුපියල් මිලියන 26ක වංචාව තහවුරු කරගනු ලබන්නේ ඉතා ඉමහත් පරිශ්‍රමයකිනි.එයට හේතුව විස්පෝ මුද්‍රණාලයේ පවතින අවිධිමත් පරිපාලන ක්‍රමවේදය නිසා වංචනික පුද්ගලයින්ට රිසිසේ දූෂණයට,වංචාවට පාර කපන වටපිටාවක් විමර්ෂණ නිලධාරීන් විසින් අනාවරණය කරගැනීමත් සමගයි.
මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිළධාරීන් මෙම වංචාවේ අගමුල සොයාගන්නේ ලිපිද්‍රව්‍ය සැපයුම්කරුවන් මාර්ගයෙනි.විස්පෝ මුද්‍රණාලයට භාණ්ඩ ලබා දෙන භාණ්ඩ ලබා දෙන ලියාපදිංචි ආයතනයක් වන SAIFI සමාගම හරහා විස්පො මුද්‍රණාලයට ලබා ගන්නා භාණ්ඩ ඉතා සූක්ෂමව ග්‍රෑන්ඩ්පාස්හි ප්‍රදේශයේ තවත් ලිපිද්‍රව්‍ය විකුණන තොග වෙළද ආයතනයකට අලෙවිකර තිබේ.මෙය අවස්ථා ගණනාවකදී මෙලෙස මුද්‍රණාලයට අවශ්‍ය කරන බඩු ලෙස මුද්‍රණාලයේ මුදල්වලින් ලබාගෙන කාර්යාල ප්‍රයෝජනයට නොගෙන SAIFI ආයතනයෙන් ලබා ගෙන කුලී රථ මගින් ග්‍රැන්ඩ්පාස්හි පිහිටි ආයතනය අලෙවි කර ඇත.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විමර්ෂණවලට අදාලව තහවුරු කරගෙන තිබෙන කරුණුවලට අනූව අධිකරණයට වාර්තා කර ඇත්තේ මුද්‍රණාලය පලාත් සභාවෙන් හෝ වෙනත් ආයතනයකින් මුද්රණමය කටයුත්තක් ආ විට ඒ සදහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලියාපදිංචි ආයතනවලින් මිල ගණන් කැදවා මිලදී ගැනීම් සිදුකරන අතර හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට ආයතන ප්‍රධානියාට බලය ඇති බවත් ඒ අනූව හදිසි මිලදී ගැනීම් යටතේ අදාල රුපියල් මිලියන 26ක භාණ්ඩ පිටකොටුවේ SAIFI ආයතනයෙන් මිලදී ගෙන විස්පෝ නමට බිල්කර අදාල භාණ්ඩ කුලී රථවලින් ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයට ගබඩා පාලක විසින් රැගෙන ගොස් අලෙවිකර ඇත.
මූල්‍ය අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ මුද්‍රණ කටයුතු සිදුකිරීමට නොහැකි අවස්ථාවල මෙම හදිසි මිලදීගැනීම් සිදු කර ඇත්තේ වංචා කිරීමෙන් බව තහවුරු කර ගෙන තිබේ.
මෙම වංචාව තනිව සිදුකරාද ,සාමුහිකව සිදුකරාද යන්න සෙවීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය බාර ප්‍රධානියා වන සහකාර පොලිස් අධිකාරි ඇන්ජිල් ප්‍රනාන්දු මහතා උපදෙස් දී තිබේ.ඒ අනූව ඉදිරියේදී තවත් පිරිසක් සැක පිට අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
මෙම සිදුවිමට අදාලව SI සරත් කුමාර හේරත් මහතා උසාවියට කරුණු වාර්තා කල අතර අත්අඩංගුවට පත් දිල්ශාන් විජේසිංහගේ නිතීඥයින් ප්‍රකාශ කර සිටියේ අදාල සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට පුනරුත්තාපනය කල අයෙකු බවයි.
මෙම වංචාව පිළිබදව ඉදිරි පරීක්ෂණ FCCID අංශ 01 යටතේ ක්‍රියාත්මක වේ.