මෙය අපේ අවසන් IMF වැඩසටහන විය යුතුයි – ජනපති අනුර කියයි

ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුයේ කොළඹදී පැවති විශේෂ සමුළුවක් අමතමිනි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *