මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල පවතින ප්‍රමිතිය පිළිබඳ ගැටලු හේතුවෙන් අදාළ සැපයුම්කරුවන්ගෙන් විශාල දඩ මුදලක් අය කර ගැනීමට පියවර ගෙන ඇති බව රජය නිවේදනය කරයි. අද (24) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය.
ආනයනය කිරීමට සැලසුම් කර තිබූ ගල්අඟුරු නැව් 10න් නැව් 08ක තොග මේ වන විට ගොඩබා ඇති අතර, ඉන් නැව් 06ක තත්ත්ව වාර්තා මේ වන විට ලැබී තිබේ.