ගිනි තැබූ නිවාසවලට වන්දි ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අරගල සමයේ දී ඔවුන්ගේ නිවාස වලට සිදු වූ හානි සදහා හිටපු මැති ඇමතිවරු ලබාගෙන තිබෙන වන්දි සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර කර තිබෙන්නේ නීතීඥවරයෙකුද වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසිනි.

ව්‍යාජ හිමිකම් පෑම හරහා ලබාගෙන තිබෙන ඕනෑම වන්දියක් ආපසු ලබා දීම සදහා වූ නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

අරගල සමයේ හානි වූ නිවාස සදහා මැතිඇමතිවරු වන්දි ලබාගෙන ඇත්තේ ආපදා කළමණාකරණ පනත යටතේ බව ප්‍රකාශ කළ නීති විශාරදයෙකු-වන ප්‍රතිභා මහානාම මහතා, එම පනත යටතේ, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් වෙනුවෙන් ලබාගත හැකි උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ විසි පහක් බවද පවසා තිබුණි.

එවැනි සීමාවක් තිබිය දී, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පමණක්, ගින්නෙන් විනාශ වූ ඔහුගේ නිවස වෙනුවෙන් රුපියල් ලක්ෂ 959 ක් ලබාගෙන ඇති බව වාර්තා විය.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000

විමලවීර දිසානායක – රුපියල් 550,000

ගීතා කුමාරසිංහ – රුපියල් 972,000

ජනක තිස්සකුට්ටිආරච්චි – රුපියල් 1,143,000

ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780

ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි

ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000

සම්පත් අතුකෝරළ – රුපියල් 2,540,610

ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800

විමල් වීරවංශ – රුපියල් 2,954,000

මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000

අකිල එල්ලාවල – රුපියල් 3,554,250

චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374

චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800

අශෝක ප්‍රියන්ත – රුපියල් 7,295,000

සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි

ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි

රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි

විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි

සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි

ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි

ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි

මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි

වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි

දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි

කනක හේරත් රුපියල් ලක්ෂ 292යි

ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි

ප්‍රසන්න රණවීර – රුපියල් ලක්ෂ 327යි

ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි

ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි

එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි

සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි

සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි

අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි

සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි

ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි

කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි

මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි

නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි

අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ 709යි

ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි

ජොන්ස්ටන් ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 934යි

කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *