වසරේ මුල් මාස හය තුළ, රජයේ ආදායම් වියදම් පරතරය 32.3% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
මෙය, වත්මන් රජය, ආර්ථිකය ස්ථායීකරණ මාවතක ගමන් කරමින් සිටින බව පෙන්නුම් කරන දර්ශකයකි.
රජයේ ආදායම සහ වියදම අතර පරතරය මෙසේ පහත වැටීමට හේතුව, ප්‍රදාන ඇතුළුව රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2.3 දක්වා, 24.7% කින් ඉහළ යාමයි.
පසුගිය වසරේ මුල් මාස හය තුළ රාජ්‍ය ආදායම වාර්තා වී තිබුණේ රුපියල් ට්‍රිලියන 1.8 ක් ලෙස ය.
ආදායම් බදු මගින් උපයා ඇති ආදායම, මේ වසරේ මුල් මාස හය තුළ, පසුගිය වසර හා සසදා බැලීමේ දී රුපියල් බිලියන 447 සිට රුපියල් බිලියන 489 දක්වා 9.2% කින් ඉහළ ගොස් තිබෙන අතර, වැට් බදු ආදායම රුපියල් බිලියන 645 සිට රුපියල් බිලියන 876 දක්වා 27.6% කින් ඉහළ ගොස් තිබේ.
වාහන ආනයනයෙන් උපයා ඇති බදු ආදායම, පසුගිය වසර හා සැසදීමේ දී 335.6% කින් ඉහළ ගොස් තිබේ. ඉන් උපයා ඇති ආදායම රුපියල් බිලියන 129.1 කි.