ශ්‍රි ලාංකික නිර්මාණකරුවෙක් පළමුවරට ලංකාවේදී සෝලා ජෙනරේටරයක් නිපදවයි

සූර්ය බලශක්ති­යෙන් ක්‍රියා­ත්මක වන විදුලි උත්පා­දක යන්ත්‍ර­යක් (සෝලා ජෙන­රේ­ට­ර­යක්) පළමු වරට මෙර­ටේ­දීම නිප­දවා හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය නිර්මා­ණ­ක­රු­වෙක් සමත්ව ඇත.

ශ්‍රී ලංකාව තුළ­දීම පළමු වරට එවැනි නිෂ්පා­ද­න­යක් කිරී­මට සමත් වූ මේ නිර්මා­ණ­ක­රුවා වයඹ පළාත කේන්ද්‍ර­ කර ගත් දුෂ්කර ගම් ප්‍රදේ­ශ­යක් වන නික­වැ­ර­ටි­යෙන් බිහිවූ අයකු වීමද විශේ­ෂ­ත්ව­යකි. ඔහු නමින් සරත් දිසා­නා­ය­කය. ශ්‍රී ලංකාව තුළ සූර්ය බල­ශක්ති පද්ධති සවි කිරී­මෙහි නිරත සමා­ග­මක් වන ඊසෝන් එනර්ජි සමා­ගමේ නිර්මා­තෘ­ව­ර­යාය.

ලෝකයේ බල­ශක්ති නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රධා­න­තම නිෂ්පා­ද­ක­යින් වන චීනය , අමෙ­රි­කාව ,ජපා­නය , දකුණු කොරි­යාව වැනි දියුණු රට­වල් හා සමා­න­වම මේ අපූරු නිර්මා­ණය දේශීය වශ­යෙන් සාර්ථ­කව නිප­ද­වී­මට සරත් දිසා­නා­යක නම් නිර්මා­ණ­ක­රුවා සමත්ව සිටීම විශේ­ෂ­ත්ව­යකි.

“පවර් මාස්ටර්” යනු­වෙන් නම්කර තිබෙන ඔහුගේ මේ නව නිර්මා­ණය වයඹ පළාත් ආණ්ඩු­කාර තිස්ස වර්ණ­සූ­රිය , කුරු­ණෑ­ගල නග­රා­ධි­පති නීතිඥ ආනන්ද සහ­බන්දු සහ මුදල් අමා­ත්‍යාං­ශයේ වෙ‍ෙළඳ ජාතික තනි කවුළු පද්ධති ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ නීල­කාන්ත වන්නි­නා­යක මහ­ත්වරු ඇතුළු විශාල පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් කුරු­ණෑ­ග­ලදී එළි­දැ­ක්වීම සිදු කෙරිණි.

අතින් ගෙන යා හැකි ජංගම යන්ත්‍ර­යක් සේම එක තැනක ස්ථාපිත කළ හැකි යන්ත්‍ර­යක් වශ­යෙන්ද ඔහු තම නිෂ්පා­ද­නය එළි­දක්වා ඇත. අතින් ගෙන යා හැකි විදුලි උත්පා­දක යන්ත්‍රය නිවා­ස­ව­ලට විදු­ලිය සපයා ගැනී­මට සහ එළි­ම­හනේ කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා ප්‍රයෝ­ජ­න­යට ගත හැකි අතර , අනෙක් යන්ත්‍ර වර්ගය මහා පරි­මා­ණ­යෙන් විදු­ලිය සපයා ගැනීම සඳහා යොදා ගැනී­මට හැකි­යාව පව­තින ආකා­ර­යට නිර්මා­ණය කර තිබේ. වහලයේ සවි කරන සූර්ය පැනල මාර්ග­යෙන් විදුලි උත්පා­දක යන්ත්‍රයේ බැටරි ආරෝ­ප­ණය වීම සිදු කෙරේ.

මේ සඳහා අවශ්‍ය කොටස් කීප­යක් පම­ණක් චීනය සහ ඩුබායි රට­ව­ලින් ආන­ය­නය කර තිබෙන අතර අනෙක් සිය­ලුම කොටස් ඔහු නික­වැ­ර­ටියේ පිහිටි තම කර්මාන්ත ශාලා­වේ­දීම නිර්මා­ණය කර තිබී­මද තවත් විශේ­ෂ­ත්ව­යකි. ගෘහස්ථ විදුලි උත්පා­දක යන්ත්‍රය කිලෝ වොට් 1.2 සිට 6.2 දක්වාත් , ස්ථාපිත විදුලි උත්පා­දක යන්ත්‍රය කිලෝ­වොට් 6.2 සිට 10 දක්වාත් බල උත්පා­ද­න­ය­කින් යුක්තය. මේ සෑම

යන්ත්‍ර­යක්ම බාහි­රට ශබ්දය නිකුත් නොවන ආකා­ර­යට නිර්මා­ණය කර තිබී­මද විශේ­ෂ­ත්ව­යකි.

පාසල් අධ්‍යා­ප­නය නිම­කර පොලිස් නිල­ධා­රි­යකු ලෙස රැකි­යා­වක නිරත වූ සරත් දිසා­නා­යක මහතා පොලිස් සේව­යෙහි නිර­තව සිටි­ය­දීම විදුලි කාර්මික ශිල්පය හදාරා ඇත. ඉන් අන­තු­රුව සේව­යෙන් ඉවත්ව උසස් විදුලි කාර්මික ශිල්පීය පුහු­ණු­වක් ලබා ඒ ඔස්සේ තම දැනුම වැඩි­දි­යුණු කර­ගෙන මෙර­ටට සූර්ය බල­ශ­ක්තිය හඳුන්වා දුන් 2010 වසරේ සිටම ඒ සඳහා තම අව­ධා­නය යොමු­ කර ඇත. පසුව 2011 වස­රේදී තම­න්ගේම ආය­ත­න­යක් පිහි­ටු­වා­ගෙන සූර්ය විදු­ලි­බල පද්ධති සවි කිරීමේ ව්‍යාපා­ර­ය­කින් ව්‍යාපා­රික ක්ෂේත්‍ර­යට පිවිසි ඔහු ඒ ඔස්සේ දිනෙන් දින අලුත් වන තාක්ෂ­ණික දැනුම මනාව අව­බෝධ කර­ගෙන මෙම නව නිර්මා­ණය එළි­දැ­ක්වී­මට සමත්ව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *