මෙවර වත්මන් රජයේ විශේෂ අනුග්‍රහය ද ශ්‍රී දළදා දැක්ම වෙනුවෙන් ලබා දී ඇතත් වෙනත් දළදා දැක්ම වැඩසටහන්වල මෙන් මෙවර විශේෂ පාස් (අවසරපත්) ප්‍රභූන් වෙනුවෙන් සුවිශේෂී පෝලිම් (VIP පෝලිම්) නොමැති බවත් ජනාධිපතිවරයා ද එවැනි ප්‍රභූ ආගමික සේවා සිදු නොකළ යුතු බවට උපදෙස් ලබා දී තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන සපයන්නේ දැයි සොයා බැලීමට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම්ද යොදවා ඇති බව නගර සභාව පවසයි.
දියවඩන නිලමේවරයාගේ අනුග්‍රහය යටතේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට මහනුවර පුරවරයට පැමිණෙන බැතිමතුන් සඳහා දිවා ආහාරය ලබාදීමේ දන්සලක් ද ක්‍රියාත්මක වන අතර, එම දන්සල මගින් දිනකට 35,000 කට දිවා රාත්‍රී ආහාර වේලක් ද සපයන බව දළදා මාලිගාවේ ප්‍රකාශකයෙක් කීය.
රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ සියලු පොදු සේවා ඒ ඒ රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් බාරගෙන තිබේ. ප.ව. 2.00 සිට පස්වරු 5.30 දක්වා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට දිනකට 65,000 කට අවස්ථාව සැලසෙයි.