අද (06) වෙළෙඳපොළේ මාළු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
බේරුවල ධීවර වරාය තුළ මාළු කිලෝග්රෑමයක සිල්ලර මිල පහතින්,
තලපත් කිලෝවක මිල රුපියල් 2000ක් ලෙසත් ගල්මාළු කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 1300ක් ලෙසත් සටහන් වූණි.
කොප්පරා මාළු කිලෝවක් රුපියල් 2300ක් වූ අතර බලයා කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 1100ක් ලෙසය.
එමෙන්ම, ලින්නා කිලෝවක් රුපියල් 900ක් ලෙස මිල සටහන් වූ අතර ලේනපරව් කිලෝවක් රුපියල් 1000ක් විය.