නුවරඑළිය නගරය මුළුමනින්ම ජලයෙන් යට වෙයි

මේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙයි.

නගරයේ වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී එහි පිවිසුම් මාර්ග විවර කිරීමට නොහැකි තරම් ජලය එක් රැස්වී තිබුණ අතර භාණ්ඩ  සියල්ලටම හානි සිදු වී ඇති බව විශ්වාස කෙරේ.

එමෙන්ම නුවරඑළිය නගර සීමාවේ ලෝසන් වීදිය ප්‍රදේශයේ නිවාස රැසක් සහ නුවරඑළිය තුරග තරග පිටියේ ජනාවාසය මුළුමනින්ම ජලීයෙන් ජටවී ඇති ආකාරයක් දක්නට ලැබේ.

අධික වර්ෂාවත් සමග නුවරඑළිය ගෙගරි වැවේ සොරව්ව විවෘත නොකිරීමෙන් මෙලෙස නුවරඑළිය නගරය යටවීමක් සිදුවන බව පරිසරවේදීහු චෝදනා නගති.

එමෙන්ම නුවරඑළිය අවට බඹරැකැලේ මේ පිළිලිමාන කඳ පොළ හාවා එළිය බොරලද යන ස්ථාන වලද වගාබින් නිවාස රැසක් ජලයෙන් යටවීී තිබීමක් දක්නට ලැබිණ.

මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිත රැසකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර සියලූම බැංකු රාජ්‍ය ආයතන කිහිපයක් සහ වෙළඳසෙල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම වසා දමා ඇති තත්ත්වයක්ද දැක්නට ලැබේ .

මෙම ගැටළුව පිළිබඳ නුවරඑළිය මහනගර සභාවෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ වැවේ සොරව්ව ආරක්ෂාකාරීව කඩිනමින් විවෘත කර නගරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ආපදා කළමනාකරන ඒකකයත් එක්ක එක්වී කඩිනම් පියවර ගන්නා බවයි .

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

image 17ad438d8d Iri News
image 7e2122f830 Iri News
image 55f6d73875 Iri News
image 228064b2ec Iri News
image 5d0ac13495 Iri News
image 08c9387578 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *