15 හැවිරිදි සිසුවෙක් ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ පාලන පද්ධතියක් හදයි

මිනිස් ජිවිත විනාශ කරමින් රටටම දැවැන්ත හානියක් සිදුකළ ගංවතුර ඇතුළු ස්වභාවික ආපදාවේ අමිහිරි අත්දැකීම් සියලුදෙනාගේ හදවත් වලට එක් කළේ බිහිසුණු මතකයක්.

එවන් වාතාවරණයක් තුළ මාතර කිතලගම ගම්මානයේ 15 හැවිරිදි ගැමුණු හසංජය රාමවික්‍රම වෙදර් මාස්ටර් රොබෝ යන්ත්‍රයක් සහිත අංග සම්පූර්ණ ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ පාලන පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ගැමුණු හසංජය රාමවික්‍රම සාමාන්‍ය පවුලක ඉපදී ගංවතුරෙන්ද පිඩා විදිමින් වසර කිහිපයක සිට සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ පාලන පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔහු පේටන්ට් බලපත්‍රය ද ඉල්ලුම් කළා.

නිල්වලා ගංගාවේ ඇටවුමක් හරහා එහි ක්‍රියාකාරිත්වය පෙන්වමින් ඔහු පවසන්නේ ගංවතුරින් පිඩාවිදින ජිවිත හා දේපල ආරක්ෂා කරගැනීමට ඊට හැකියාව පවතිනවා.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවම ඔහුට ඉමහත් ශක්තියක්.

දහසකුත් කැප කිරිම් සිදුකරමින් ගැමුණු හසංජය රාමවික්‍රමගේ මව සහ පියා තම පුත්‍රයාගේ ගමන්මගට පූර්ණ සෙවණැල්ලක් වී සිටිනවා.

ජල ගැලීම් වැනි ස්වභාවික ආපදා වලින් විපතට පත්වන ජනතාවට මතුවන දහසකුත් දුක් කම්කටොලු මගහරවමින් පූර්ව දැනුවත් වීම මගින් ආරක්ෂිත පරිසරයක් වෙත යොමුවිම සඳහා මෙවැනි නව නිර්මාණකරුවන් සිදුකරන මෙහෙවර සැබැවින්ම ප්‍රශංසනීයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *