අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූවන්ට සමාව දෙන්න – සරත් ෆොන්සේකා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියා.

මෙවැනි අය මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම ජනාධිපතිවරයාට එක් පෑන් පහරින් සිදු කළ හැකි බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අරලියගහ මන්දිරයට ගෙනැවිත් ඔවුන් උසිගැන්වීමට කටයුතු කිරීමෙන් අනතුරුව, ඔවුන් ගාලු මුවදොර පිහිටි අරගලයට පහර දුන් බවත්, එයත් සමඟ රට පුරා ජනතාව ප්‍රකෝපකාරී ලෙස එම පහර දුන් පිරිස සෙවීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ.

එහිදී අරලියගහ මන්දිරයේ රැස්වීමට සහභාගි වී යළි නිවස බලා යමින් සිටි අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා මෙම ජනතාවට හසු වීමෙන් පසු, ආරක්ෂක නිලධාරියා වෙඩි තැබීමක් සිදු කිරීම නිසා එම ස්ථානයේ සිටි තරුණයකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමත් සමඟ අදාළ තත්ත්වය හටගත් බවයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *