හිටපු කෝප් සභාපති කෙනෙක් පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිංසනයක් කර බව හෙළි වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) හිටපු සභාපතිවරයකු පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිංසනයක් ඇති කර ඇතැයි විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) කථානායක වෙත පැමිණිල්ලක් සිදු කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය-

මම මහලේකම්තුමියගේ අවධානයට මේ කරුණ යොමු කරනවා. මට දැන් නිලධාරිණියක් කිව්වා කෝප් කම්ටුවේ හිටපු සභාපතිවරයෙක් ඇයට ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියලා. මේක දැඩි චෝදනාවක්. මේ ගැන කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනියවත් දැනුවත් කරලා තිබෙනවා. මේ තරම් පහත් තැනකට මේක ගිහින් තියෙද්දීත් ඇයි මේ ගැන තීරණයක් ගන්නේ නැත්තේ.

චරිත හේරත් මහතා – කෝප් එකේ කටයුතු ගැන දැන් රටම කතා වෙනවා. ඔය ආර්ථික පරිහානිය ගැනත් තීන්දුවක් දෙන්න යනකොට තමයි මාව සභාපති කමෙන් ඉවත් කළේ. ඊට පස්සේ දැන් අධිකරණයේ තීන්දුවෙන් කඳ හරහා වැදිලා තිබෙන්නේ. දැන් මේ කෝප් කමිටුව ගැන මැදිහත් වෙන්න කියලා මම ඉල්ලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *