ඉරාන නෞකාව සම්බන්ධයෙන් විපක්ෂය සිදු කළේ ලැබුණු තොරතුරු රටට හෙළි කිරීමයි – නිරෝෂන් පාදුක්ක

ඉරාන නෞකාව සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රකාශ කර නොමැති බව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක පවසනවා.

ඒ අනුව, විපක්ෂය විසින් සිදු කළේ ලැබුණු තොරතුරු රටට හෙළි කිරීම බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදීන් කිහිපදෙනකු ගෙන්වා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම නොව, ජාතිය ඇමතීම හෝ පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙසත්, එවිට නෞකාවේ සිටියේ පාසල් ළමයින් ද, වැඩිහිටි පිරිස් ද, නැතහොත් ‘භාවනා පන්තියක්’ ද යන බව දැනගත හැකි බවයි සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *