හිටපු ජනාධිපති කෙනෙක්ට සිතාසි යයි කියලා හිතුවද ? අපි මේ රටේ නිතීය හදනවා – ජනපති අනුර කියයි

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා මේ රටේ කවදාවත් හිතුවාදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

“අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ඌව හිටපු මහ ඇමතිවරයෙක් චෝදනා රැසකට අත්අඩංගුවට ගත්තා.එහෙම අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්න කොට හිටපු ජනාධිපති මාධ්‍යයට ඇවිත් එතුමා කියු නිසා මහ ඇමති ඒ දේ කලා වගේ එකක් කිව්වා.එහෙනම් ඔයත් එන්න කියලා අල්ලස් කොමිසම එවිට කිව්වා. එහෙම හොඳ නැද්ද?

17 වැනිදා එන්න කියලා තිබුණේ.17 අවුරුදු කනවා කියලා ලියුමක් එවල තිබුණා. යමෙක් චෝදනාවකට අත්අඩංගුවට ගත්තාම එහෙම තමයි.මම තමයි කිව්වේ වගේ කතා එළියේ කියන්න බෑ.අපි කියන්නෙ අල්ලස් කොමිසමට ඒවා කියන්න.

හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා කවදාවත් හිතුවද?හිටපු ජනාධිපතිවරුන් පෝලිමක් ඉන්නවා හොඳේ.අපි මේ රටේ නීතිය හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *