මාව කුමන්ත්‍රණයකින් පැන්නුවා – ගෝඨාභය රාජපක්ෂ පොතක් ලියයි

“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් පැනගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොතක් ලියා තිබෙනවා. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම පොතෙහි සඳහන් කර ඇති බව ඔහු පවසනවා.
“මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි” යනුවෙන් එහි පසු කවරයේ සඳහන් වනවා. මෙම කෘතිය හෙට නිල වශයෙන් එළිදක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *