අල්ලස් කොමිසම ඉල්ලන විදිහටම වත්කම් බැරකම් ප්‍රකාශ දෙනවා – හිටපු ජනපති මහින්ද කියයි

තමාට දැනුම්දී ඇති පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (09දා) පැවසීය.

2010 – 2015 කාලයේ ආරම්භ කරන ලද පරීක්‍ෂණයකට අදාළව එම වත්කම් දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. තමාට හෝ පවුලේ අයට වත්කම් සැඟවීමට කිසිම අවශ්‍යතාවක් නැති බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *