රනිල්ට එරෙහි නඩුව අද යළි අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28දා) යළි කැඳවීමට නියමිතව තිබේ.

රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදාගෙන පෞද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් හමුවේ නඩු පවරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුගිය නොවැම්බර් 19 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක් ද ලබාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *