හිටපු ජනපති රනිල් සාමාන්‍ය වාට්ටුවට මාරු කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් (ICU) සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ සියලු තීරණ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ගනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *