හිටපු ජනපතිවරු හතර දෙනෙකු හදිසියේ කොළඹදී රැස්වීමට සැරසෙයි

හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනෙකු ලබන සඳුදා සාකච්ඡාවක් සඳහා හමුවීමට නියමිතව තිබෙනවා.

ඔවුන් එදින පස්වරුවේ කොළඹදී හමුවීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එලෙස හමුවීමට නියමිතයි.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් එලෙස රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *