සතොස ලොරි ජොන්ස්ටන්ගේ පවුලට මුදා හැරීම ගැන සතොසේ හිටපු ප්‍රවාහන කළමණාකරු අත්අඩංගුවට

සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු වූ ඉන්දික රත්නමලල යන අය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සතොස ආයතනයට අයත් ලොරි රථයක්, එවකට විෂය භාර අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වූ ජොහාන් ප්‍රනාන්දු යන අයට මුදා හැරීම සම්බන්ධයෙනි.

අදාල සිදු වීම සම්බන්ධයෙන් මීට පෙර ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සොයා විමර්ශන අරඹා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *