එළඹෙන 21 වනදා නුගේගොඩ පැවැත්වීමට නියමිත ජන රැළියට සහභාගී වීම සඳහා ජනතාව තුළ දැඩි උද්යෝගයක් සහ උනන්දුවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ගම් මට්ටමින් ජනතාව මෙම රැළියට සහභාගී වීමට ස්වකීය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙමින් සිටින බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සඳහන් කළේය.
“මිනිස්සු පුදුම ආසාවකින් ඉන්නේ 21 නුගේගොඩ යන්න. ජනතාව පොර කකා අපිට කියනවා අපිවත් එක්කන් යන්න කියලා.